ඔබේ ජීවිතය ද ? ඉන්ධන ලීටරය ද ?

අප එදිනෙද කටයුතු වලදී  “ආරක්ෂාව ප්‍රථමයෙන්” යන සංකල්පය පිළිබද අවධානය යොමු කරයි. නමුත් බොහො පිරිසක් එම සංකල්පය රථ වාහන මිලදී ගැනීමේදී සැලකිලිමත් නොවීම කණගාටුවට කාරුණකි.

ශ්‍රී ලංකාවේ සිදුවන රිය අනතුරු වලින් 65%ක් නොසැලකිලිමත් රිය ධාවනය හා වාහන ආරක්ෂක පද්ධති වල ඇති දුර්වලතා නිසා ය. යම් හදිසි රිය අනතුරක් සිදු වුහොත් ජිවිත කාලය පුරාම එක්තැන්ව පසුතැවිලි වීමට සිදුවිය හැක. යම් දෙයක් සිදු වීමට පෙර එම අවධානම පිළිබද සිතා කටයුතු කිරිම සුදුසු ය. ඒ අනුව ආරක්ෂාව එදිනෙදා භාවිතා කරන කුඩා මෝටර් රථයේ සිට ගුවන් යානා දක්වා තිබිම වැදගත් බව වැටහෙන කරුණකි.

යමෙක් තමාගේ ජිවිත කාලය පුරාම දහදිය මහන්සියෙන් ඉතිරි කර උපායගත් මුදල් යොදවා වාහනයක් මිල දී ගෙන එම මෝටර් රථය භාවිතා කරන්නේ සාමානයයෙන් වසර 03 ක කාලයක් පමණි. බොpic 1හො පිරිසක් කුඩා මෝටර් රථයක් ඉන්ධන ලීටරයකින් ධාවනය වන දුර මත පමණක් පදනම්ව මිලට ගැනිම තීරණය කරයි. පවුලේ ආරක්ෂාව පිළිබද නොසිතා රථවාහන ගැනීම කොතරම් දුරට සාර්ථක ද යන්න සිහි බුද්ධියේන් සිතිය යුතුය. කුඩා මෝටර් රථවල ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහල නිසාත් අධික මහාමාර්ග තදබදය හේතුවෙන් කුඩා මෝටර් රථ භාවිතා කිරීමට වැඩි පිරිසක් පෙළබි ඇත. එය අප පරිසරයට මෙන්ම අපගේ ආර්ථීකයටද වඩා යෝග්ය වේ. එය ප්‍රායෝගික වූ විසදුමකි.

නමුත් යම් කුඩා මෝටර් රථ වැඩි කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන්නේ 100% එන්ජිමේ තාක්ෂණය නිසාම නොවේ. ආරක්ෂාවට නියමිත වු ප්‍රමිතිය පවත්වා නොගෙන ඉන්ධන දහනයට පමණක් වාසි වන ආකාරයෙන්  බඳ කොටස සහ ඒ ආශ්‍රිත තහඩු වල ඇති ගණත්වය අඩුකරමින් නිෂ්පාදනය කිරීමය. ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි වුවත් එම කුඩා මෝටර් රථවල මුලික ආරක්ෂාව හෝ නොමැත. එපමණක් නොව එම කුඩා මෝටර් රථ සදහා අධිවේගී මාර්ග වල ආරක්ෂාකාරීව ධාවනය කිරීමේ හැකියාව ද නොමැති බව ද වර්තමාන දත්ත වාර්තා පෙන්නුම් කරයි.

pic 2ලෝකයේ සැම අංශයක් සදහම විවිධ තත්ව සම්මාන පවති. රථ වාහනයක ආරක්ෂාව සම්බන්ධයෙන් තත්ව සම්මාන ලබා දෙන ලොව පිළිගත් හා ප්‍රමුඛතම ආයතනය වන්නේ NCAP ආයතනය වේ. මෙම තත්ව සම්මානයේ උපරිමය තරු පහකින් සමන්විත වේ. තරු පහම සහිත NCAP සම්මානලාභී කුඩා මෝටර් රථ අද ශ්‍රී ලංකාවේ වෙළදපලේද ඇත.

 

Pic 3ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි රථ භාවිතා කල ද එම කාලසීමාව තුල ලැඛෙන ආරක්ෂාව පිළිබද අවබෝධයෙන් හා තාර්කිකව සිතන්න. කුඩා මෝටර් රථ මිලට ගැනීමේදී අන් සියලූ කරුණු කාරණා ගැන සැලකිලිමත්වනවාසේම ආරක්ෂාව හා ආරක්ෂක පද්ධති පිළිබදවද වැඩි අවධානයක් යොමු කලයුතුය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න